ආයුර්වේද රෝහල් සේවකයන්ට ලබාදිය යුතු රුපියල් දහසේ දීමනාව ලබා නොදීමට එරෙහිව ආරම්භ කළ වැඩ වර්ජනයට මෙතෙක් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බවත්, මේ නිසා හෙට ආයුර්වේද සේවකයන් ගැටලුව විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට රැස්වෙන බව සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය සඳහන් කරයි.
ආයුර්වේද රෝහල් සේවකයන්ට ලබාදිය යුතු රුපියල් දහසේ මාසික දීමනාව මාස 13 කින් ලබාදී නොමැති බවත්, මේ නිසා එම මුදල ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 12 වැනි දින සිට රෝහල් 06 ක වැඩ වර්ජනයක් ආරම්භ කළ බවද එම සංගමයේ සභාපති ගාමිණී කොස්ලන්ද මහතා සඳහන් කළේය.
සිදුකරන වැඩ වර්ජනයටත් නිසි ප්‍රතිචාර නොමැති නිසා තම සාමාජිකයන් හෙට (20දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද ඔහු පවසා සිටියේය.
එම ක්රියාමාර්ගයටත් නිසි ප්‍රතිචාර නොලැබුණහොත් හෙට දිනයේදී ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුවක් ගන්නා බවද සඳහන් කළේය.
දැනට බොරැල්ල, යක්කල ආයුර්වේද ශික්ෂණ රෝහල් තුළ සහ නාවින්න රෝහල, නාවින්න ආයුර්වේද ක්‍රම පිළිබඳ රෝහල තුළ හා හම්බන්තොට, අම්පාර රෝහල් තුළ වැඩ වර්ජනයක් දියත් කර තිබෙන බවද ගාමිණී කොස්ලන්ද මහතා කියා සිටියේය.