ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලූ බව පොලීසිය කියයි.
කොසෙල්වත්ත, ගුණසිංහපුර ප්‍රදේශයේදී ඊයේ (30දා) සවස 5.00ට පමණ මෙම වැටළීම සිදුකර තිබේ.
එහිදී ගණිකා නිවාසය කළමනාකරණය කළ සැකකාරියක්, සහාය දීම සම්බන්ධයෙන් සැකකරුවෙක් හා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් හා සැකකරුවන් වසය අවුරුදු 48,33,34 හා 29 වැනි වියේ පසුවන නුවරඑළිය, උඩුදුම්බර, බොරැල්ල, පානදුර හා හංවැල්ල පදිංචි අය වෙති.