සිය නිවසේ මෙහෙකාරිය ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාට එරෙහිව නඩුවට සාක්කි විමසීමක් හෝ සිදු කොට නොමැති හෙයින් ඔහු නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස අධිකරණය සළකන්නේ යැයි පැවසූ කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සරත් ආබෲ මහතාට එරෙහිව පවරා තිබු නඩුව අවසන් කිරීමට අද (14දා) තීරණය කළේය.
මෙම නඩුව අද (14දා) සිට විභාග කිරීමට නියමිතව තිබුණත් විත්තිකාර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා මියගොස් ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස තීරණය කළේය.
2015 ජුලි මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගල්කිස්සේදී සිය නිවසේ මෙහෙකාරිය ලිංගික අපයෝජනයට ලක් කරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.