තමාගේ නිවසට ජලය ලබාදෙන ලෙස ඉල්ලාආබාධිත හමුදා සෙබළෙකු සිය පවුලේ සාමාජිකයන් සමග ඊයේ (03දා) උදෑසන සිට දළදා මාලිගාව ඉදිරිපිට විරෝධයක් අරඹා තිබේ.
අදාළ බලධාරීන් ජලය ලබාදෙන තෙක් අඛණ්ඩව මෙම විරෝධතාව පවත්වන බව ඔහු පවසයි.
දැඩි නියං තත්ත්වය හේතුවෙන් සිය ශාරීරික අවශ්‍යතා සඳහා හෝ ජලය නොමැතිකමින්තමන් සහ පවුලේ සාමාජිකයන් දැඩි අපහසුතාවකින් පසුවන බවවිරෝධතාවේ නිරත තලාතුඔය, අංකෙළිපිටිය පදිංචි ආබාධිත විශ්‍රාමික හමුදා සෙබළ තේජා සමන් කුමාර මහතා පවසයි.
2007 වසරේදී හමුදා සේවය සඳහා ගැමුණු හේවා බළකායේ 11 වැනි සේවා බළකායට එක්ව ඇතිඔහුරාජකාරිය අතරතුරඑල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව එක් පාදයක් හා දෑත්වල කොටසක් අහිමිව සිටියි.
ජල යෝජනා ක්‍රම කිහිපයක් තිබුණද තම නිවසට එම ජල පද්ධතිය සම්බන්ධ කර නොමැති බවද ඔහු පවසයි.
එක්දරු පියෙකු වන තේජා සමන් කුමාර මහතා මේ වනවිට මාස 03ක පමණ ගැබිනියකව සිටින අතර, මින්පෙර බිරිඳ හා දරුවා සමග බීමට ජලය රැගෙන ඒමට හා නාගැනීමට කිලෝමීටර් 05ක් පමණ දුර යෑමට සිය පවුලටම සිදු වූ බවද ඔහු කියා සිටියි.