ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදීමට රජය කටයුතු කර තිබියදීත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම ගැන සොයා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23 (2) යටතේ ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයින් ගැන සොයාබලන බවද කීවේය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ඒ පිළිබඳ හෙට දිනයේදී ප්‍රකාශයක් සිදුකරන බවද අගමැතිවරයා කීය.