ආබාධිත රණවිරුවන් විශ්‍රාම ගැනිමෙන් පසුවද සිය මාසික වැටුපම ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඊයේ (27දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති රණවිරුවන් සඳහා වීර පදක්කම් පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම යෝජනාව අයවැයට ඉදිරිපත් කර ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය. රටේ ජාතික ආරක්ෂාව සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග අබමල් රේණුවකින් හෝ අඩුකිරීම ඉඩනොදෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.
එසේම ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලිට අවශ්‍ය පරිදි රටේ ජාතික ආරක්ෂාව හැසිරවීමට ඉඩ නොදෙන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවැසීය.