ජල ගැලීමෙන්, නාය යාම්වලින් සහ සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට, තවදුරටත් සහන සැලසීම සඳහා අද (16දා) සිට තවත් මාස දෙකක සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, එම ජනතාවගේ නිවාසවල ජලය, විදුලිය බිල්පත් ගෙවීම සඳහා මීට පෙර ලබා දී තිබූ සහන කාලයට අමතරව, තවත් මාස දෙකක සහන කාලයක්ද, මීට අමතරව එම ජනතාව, ලීසිං පහසුකම් මත ලබාගෙන තිබූ රථ වාහනවලට අදාළ වාරික සහ බැංකු ණය වාරික මාස දෙකක ප්‍රමාදයක් සහිතව, ගෙවා දැමීමට හැකි බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.
ගංවතුරෙන් සහ නාය යාම්වලින් විපතට පත් ජනතාවට ජලය සහ විදුලිය බිල්පත් ගෙවා දැමීම සඳහා, මීට පෙර ද, රජය මාසක සහන කාලයක් ලබාදී තිබිණි.