දිවයින ආසන්නයේ පවතින කැළඹිලිකාරී ස්වභාවය නිසා පළාත් හතරකට හා දිස්ත්‍රික්ක හතරකට වැසි ඇතිවන බවට අනතුරු අඟවා තිබෙන නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අධික වැසි ඇති වුවහොත් කඳුකර ප්‍රදේශ නායයාමෙ සහා පහත්බිම් ජලයෙන් යට වී යා හැකි නිසා ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මීට අමතරව ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව සහා හම්බන්තොට හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍ර‘දේශවලට වැසි සහ හිගුරුම් සහිත වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන බවත් එම නිවේදනයට අනුව ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව පැයට කිලෝමීටර් 70ක් 80ක් දක්වා ඉහළ යා හැකි බවද පවසා සිටියේය.
මේ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදන ගැන නිරතුරුවම සැලකිලිමත් වන ලෙසද මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පැමිණෙන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආරක්ෂක අංශ ජීවිත ආරක්ෂක කණ්ඩායම් සූදානම් කර තිබෙන බවද පවසා සිටියේය.