ආපදා කළමනාකරණය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ට මූලික දැනුමවත් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසට මූලික දැනුම ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ආපදා කළමනාකරණය පිළිබඳ දැනුමක් නොමැති වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ පැවැති ආපදා කළමනාකරණ වැඩමුළුවට පැමිණ කලබැගෑනියක් සිදුකළ බවත්, තවත් පිරිස් නම ගැසූ බත් පැකට් බෙදාදෙන අතර, ඇතැම් පිරිස් කෙසෙල් ගෙඩි බෙදාදෙමින් තිබෙන බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.