ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා අය කළ රුපියල් 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමා ඇත.
දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණෙන්, ආනයනික ලොකු ලූනු මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය කියයි.
2016 අගෝස්තු මස 19 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට නව බදු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.