2014 යල කන්නයේ දේශීය අර්තාපල් සහ ලොකු ළූණු අස්වැන්න ඉදිරි සතිය වනවිට වෙළෙඳ පොළට ලැබීමට නියමිත බැවින්, ආනයකින අර්තාපල් හා ලොකු ළුණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කළ බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.
අර්තාපල් සහ ලොකු ළූණු නිෂ්පාදනයේ නිරතවන ගොවියාට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහතික කිරීම පිණිස අර්තාපල් ආනයනයේදී දැනට අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2014.08.15 දින සිටද, ලොකු ළූණු ආනයනයේදී දැනට අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හෙට (12දා) සිටද ක්‍රියාත්මක වන පරිදිද ඉහළ දමන බව අමාත්‍යාංශය කියයි.