සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් සිටින එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණේ සභාපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හා අනුරාධපුර සාරානන්ද විහාරයේ විහාරාධිපති ගිරාඹේ ආනන්ද හිමියන්ගේ සුවදුක් බැලීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) එම රෝහල වෙත ගියේය. ගිරාඹේ ආනන්ද හිමියෝ ඊයේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එම රෝහලට ඇතුලත් කළහ.