මාදුළුවාවේ සෝභිත නාහිමියන් සිය අවසන් කටයුතු කෙසේ කළ යුතුද යන්න පිළිබඳව කලකට පෙර පළ කළ අදහස් විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය වුවද තමන්ගේ ආදාහන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ කිසිදු ලිඛිත ඉල්ලීමක් හෝ අවසාන කැමති පත්‍රයක් ලබාදී නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියෝ පැවසූහ.
එබැවින් එවැනි අදහස් මාධ්‍ය ඔස්සේ පළ කර දුකින් තැවෙන බෞද්ධ ජනතාවගේ සිතුවිලිවලට බාධා ඇති කරන්නට එපා යැයි ඉල්ලා සිටින බවද පැවසූ චන්ද්‍රසිරි හිමියෝ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ සත්‍යය ලොවට කියාදුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළේ සඳුන් සෑයක බවද සිහිපත් කළහ.
උන් වහන්සේ මේ බව පැවසුවේ මාදුළුවාවේ සෝභිත හිමි ආදාහන පූජෝත්සවය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.