මත්ද්‍රව්‍ය සහ දුම්වැටි අලෙවියෙන් රජයට ලැබෙන ආදායම පිළිබඳ නොතකා එම මහා ජාතික ඛේදවාචකයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය
‘‘මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ සිව්වන අදියර ලෙස කොළඹ දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ සමාප්ති උත්සවයට අද (19) එක්වෙමින් ජනාධිපතිවරයා මේබව කීය.
රජය මගින් බලපත්‍ර ලබාදෙන නීත්‍යානූකූල මත්ද්‍රව්‍ය එක් පසෙකින් පැවතීමත් අනෙක් පසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය පැවතීමත් බරපතළ සමාජ ගැටලුවක් මෙන්ම අභියෝගයක් ද වන බවත් අද වන විට මත්ද්‍රව්‍ය සහ මත්පැන් හේතුවෙන් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.