මේ වන විට ප්‍රදර්ශනය වෙමින් පවතින ආදරණීය කතාවක් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමේදි දුම්කොළ හා මධ්‍යසාර ප්‍රචාරණය වීමක් සිදුවෙතැයිද, එය නවත්වන්නැයිද සඳහන් කරමින් වාරණ නියෝගයක් ගැනීමට ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එහි සභාපති පාලිත අබේකෝන් මහතා මේ බව සඳහන් කළේය. චිත්‍රපටයේ ප්‍රචාරණ පුවරු සිගරට් හා මත්පැන් ප්‍රචාරය වෙන අයුරින් සකසා ඇති බව ඔහු පැවැසීය.