ආණ්ඩුවේ හිතවතුන් කිහිපදෙනෙකුට අමු රබර් කිරි සහ රබර් ෂීට් තීරුබදු රහිතව ගෙන්වීමට අවසර ලබාදීම නිසා දේශීය රබර් කිරි කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
මේ නිසා රබර් වගාවෙන් ජීවත්වන ලංකාවේ දුප්පත්ම දිස්ත්රික්කය වන මොනරාගල දිස්ත්රික්කයේ ජනතාව කබලෙන් ලිපට වැටී තිබෙන බවද ඔහු පැවසීය.
වැඩිම පිරිසක් රබර් වගාවේ නිරතවන්නේ වැඩිම විරැකියාවෙන් පෙළෙන පිරිසක් සිටින කෑගල්ල දිස්ත්රික්කය තුළ බවත්, එම දිස්ත්රික්කය තුළ හෙක්ටයාර් 41,000 ක රබර් වගාකර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. සමස්තයක් ලෙස එම දිස්ත්රික්කය තුළ ලක්ෂ 2 කට වැඩි පිරිසක් එම කර්මාන්තයේ නිරත වන බවත්, පවුල් 75,000 කට අධික ප්රමාණයකගේ එකම ආදායම් මාර්ගය වී තිබෙන්නේ රබර් වගාව බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.