විපක්ෂයේ රාජකාරිය ශ්‍රී ලකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුවේ සිටිමින් ඉටුකරන බැවින් අද වන විට විපක්ෂයට සිදුව ඇත්තේ කතා පැවැත්වීමට පමණක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද (14දා)පැවසීය.
වැට් බදු සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනතාවට වාසි සහගත යෝජනා ලබාදුන් බවත්, ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැය සඳහාද ජනතාවාදී යෝජනා ඉදිරිපත් කරන බව ඇමතිවරයා සඳහන් කළේය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂයේ කාර්යභාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉටුකරන බැවින් දැනට විපක්ෂයට වී සිටින අයට සැහැල්ලුවෙන් සිටීමට අවස්ථාව ලැබී ඇති බවයි.