ආණ්ඩුවේ වැරදි තිබෙන බවත්, නිවරදි කළ යුතු දේ තිබෙන බවත්, යන ගමන වෙනස්විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සර සමුළුව අද (03දා) අමතමින් ඔහු මේ බව පැවැසීය.
හිටපු ජනපතිවරයා මැතිවරණකට ගියේ ආර්ථික හා දේශපාලනික වශයෙන් අර්බුදයකට ලක්ව සිටි බැවින් යැයිද ඔහු පැවැසීය.
"ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා පැනවීම ආරම්භ කර තිබුණේ. ලෝකයම අවි අමෝරාගෙන සිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි නිසා දෙකට බෙදුණා. ජාත්‍යන්තර අපි නිසා දෙකට බෙඳුණා.
අද ෆේස්බුක්, වෙබ් සයිට්, උද්ඝෝෂන ලැබී ඇති ප්රජාතන්ත්රවාදය ඉහළින්ම භුක්ති විදිනවා. පක්ෂය තුළත් ප්රජාතන්ත්රවාද භුක්ති විදනවා. යුද්ධයක් තිබුණ රටක් දෙකට බෙදිලා සිටියේ නෑ. නමුත් අපි දෙකට බෙදුණා.
බඩුමිල, ජීවන වියදම ඉහළයි. අපි පිළිගන්නවා. මෙය විසඳා ත හැකියි. ජගත් ජයසූරියගේ ප්රශ්නය රටින් පිට ප්‍රශ්නයක්. ජගත් ජයසූරිවත්, අනෙකුත් කිසිඳු රණවිරුවෙකුටවත් අත තියන්න මම දෙන්නේ නෑ." යැයි ඔහු සඳහන් කළේය.