ජනාධිපතිවරයා මුණගැසී භාරදුන් යෝජනාවලියට ඒ මහතාගෙන් ලැබෙන ප්‍රතිචාර මත ආණ්ඩුව තුළ රැඳී සිටීම තීරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (25 දා) පැවසීය.
කිසිම අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ හිත සතුටු කිරීමේ ක්‍රියාදාමවල ජාතික නිදහස් පෙරමුණ නොසිටින බවත්, ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දුන් විට පිළිගැනීම ඒ මහතාගේ වගකීමක් බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාද වන පී.බී. ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ පමණක් රඳවා ගැනීමේ උත්සාහයක් ඇතැයි පැවසූ වීරවංශ මහතා, එමගින් ආර්ථීකයට කිසි බලපෑමක් ඇති නොවන බවත්, කිසිවෙකු නොදන්නා අමාත්‍යාංශ ලේකම් තනතුරකින් ඉවත් කළාට එය වැදගත් පියවරක් නොවන බවද පෙන්වා දුන්නේය.