ජනතාවගේ අවධානය අයවැය හා ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි යොමු වී තිබෙන අතරතුර ආණ්ඩුව දැවැන්ත මාධ්‍ය මර්දනයක් දියත් කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දෙරණ රූපවාහිනි නාළිකාවට යොමුකළ ලිපිය පිළිබඳ අදහස් දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එහිදී ඔහු සී.එස්.එන්. නාළිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීම, විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ‘ලංකා නිවුස් වෙබ් ටුඩේ’වෙබ් අඩවිය තහනම් කිරීම පිළිබඳවද අදහස් දක්වයි.
“මාධ්‍ය මර්දනය දැන් ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රතිපත්තියක් බවට පත් වී ඇත. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් නැති දවසක් අද නැත. ආණ්ඩුව දිගින් දිගටම කල් දමා ඇති පලාත් පාලන ඡන්දය නොපවත්වන්නේද පරාජයටඇති බිය නිසාය.
මොවුන් මාධ්‍ය බියවද්දා, මෙල්ල කරගැනීමට උත්සාහ දරන්නේ රටේ සිදුවන දේවල් ජනතාවට දැනගැනීම වැළැක්වීමටය. මේ ආකාරයට මාධ්‍ය මර්දනය කොට ප්රජාතන්ත්රවාදයේ ඉතිරි නෂ්ඨාවශේෂයත් සුනුවිසුණු කිරීමට ගෙනයන මෙම දුෂ්ටවැඩපිළිවෙල අපි හෙළාදකිමු.”යනුවෙන්ද එම නිවේදනයේ දැක්වේ.