ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන කිහිපයක් සහ මාධ්‍ය‘වේදීන් පිරිසක් යොදාගෙන තමාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා රහස් ඔත්තු සේවයක් ආරම්භ කර ඇතැයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
සැඟවීමට තරම් දෙයක් තමාගේ ජීවිතයේ නැතැයි සඳහන් කළ ෆොන්සේකා මහතා බුද්ධි රහස් ඔත්තු සේවා යොදාගෙන සොයන්නේ මොනවාද යන්න පිළිබඳව ගැටලුවක් ඇතිවන බව පවසා සිටියේය.
අද (15දා) පෙරවරුවේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ තමා රටට කර ඇති සේවය ගැන පවා නොසලකමින් සමහර මාධ්‍ය ආයතන මෙම මඩ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වී ඇති බවයි.