ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සහ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 2520 කට අධික පරිපුරක ඇස්තමේන්තුවක් අද(17දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කාළේය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.
පසුගිය අගෝස්තු මාසය සඳහා වන වියදම් ලෙස මෙය දක්වා ඇති අතර එමගින් රජයට පවරා ගැනුනු මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 9 ක මුදලක් එමඟින් වෙන්කර ඇත.