ආණ්ඩුවට විරුද්ධව වැඩබිම්වල කම්කරුවන් සවිබල ගැන්වීම අද (28දා) දිනෙන් ආරම්භ කළ බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
සියලු වැඩබිම් ඒකාබද්ධ කිරීමටත්, කම්කරුවන් ශක්තිමත් කිරීමටත් සැලසුම් කර ඇතැයිද මන්ත්රීවරයා සඳහන් කළේය.
ඒ පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා බත්තරමුල්ල සෙත්සිරිපාය අසලදී අද පෙරවරුවේ අත්පත්රිකා බෙදාදීමේ වැඩසටහනක් දියත් කළ බවද හෙතෙම පවසා සිටියේය.