ආණ්ඩුවට මාස හැටක් ගතවීමට ප්‍රථම විදේශ රැකියා ක්ෂේත්‍ර‘යේ පවතින හිදැස් වැසීමට කටයුතු යොදන බව විදේශ රැකියා ඇමතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ රටේ පැවැත්මට දායක වන ශ්‍රමිකයන් වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවයි.