වර්තමාන ආණ්ඩුව පිළිබඳ පවතින ජන විරෝධයේ රස්නය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ට දැනී ඇති බවත්, සිහි කල්පනාව හොඳ කිසිම කෙනෙක් ආණ්ඩුවට එක් නොවන බවත් පිවිතුරු හෙළ උරුම ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (19දා) පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.