අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය ජුලි මස තුන්වැනි සතියට පෙර ලබා ගැනීමට කටයුතු කරන බව විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවැසීය.
එසේම ආණ්ඩුව හොරෙන් මුදල් නෝට්ටු අච්චු ගමන බවත් ඔහු පැවැසීය. අද (17දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
" පම්පෝරි ගහනවා ඕන තරම් මුදල් තියෙනවා කියලා. අපට අද පේනවා හොරෙන් මුදල් නෝට්ටු අච්චු ගහලා රට ආර්ථික ප්‍රපාතයකට ඇඳ දමන බව ඉතාම පැහැදිලිව පේනවා. ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී රණ්ඩු කරලා අවසානයේදී විශ්වාසභංග විවාදයට (මුදල් ඇමතිවරයාට එරෙහි) ජුලි මස 6 වැනිදා ලබාගන්න පුළුවන් වුණා. ඊයේ පැවැති රැස්වීමේදී ඒ සඳහා (අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදයට) ඉතා ළග දිනයක් ඉල්ලා සිටියා. සභානායකතුමා කිවුවා ජුලි මස 3 වැනි සතියේදී ඒ විශ්වාසභංගය විවාද කරන්න සඳහා දිනයක් ලබාදෙනවා කියලා. පුළුවන් නම් එයත් ඊට පෙර ලබාගැනීමට කටයුතු කරනවා"