ඩෙංගු මර්දනය පැත්තක තබා ආණ්ඩුව ඩෙංගු උවදුර තුළින් මුදල් උපයාගැනීමට යෑම නිසා හෙද නිලධාරිනියකගේ ජීවිතය අහිමි වී ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
මීට අමතරව රෝහල් සේවකයන් කිහිප දෙනෙකුටම ඩෙංගු රෝගය වැලඳී තිබෙන බවට වාර්තාවන බවත්, ඩෙංගු රෝගය පැතිරයාමේ බරපතළකම කොතරම්ද යන්න තීරණය කිරීමට මෙය හොඳටම ප්‍රමාණවත් බවත් එම සංගමයේ සභාපති හෙද නිලධාරී ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසර තුළ මේ වනවිට ඩෙංගු වැලඳී පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙන බවත්, මීට අමතරව රෝගීන්ගේ ප්‍රමාණය 20,507 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඔහු පවා සිටියේය.
එහෙත් ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ ඩෙංගු පැතිරවීමට කටයුතු කළ බව පවසමින් දඩ පිට දඩ ගැසීම පමණක් බවද හෙතෙම සඳහන් කළේය.