වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සම්පන්න බවින් ඉහල බවත් තිලත් මාරපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් ඒබව මනාව පිළිබිඹු වු බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කීය.
අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
ඔහු වගකිව යුතු ලෙස ඉල්ලා අස්වුණා. අපිට අවශ්‍ය වගකියන අමාත්‍යවරු. වගවීම සැම තැනකම ක්‍රියාත්මක විය යුතුයි.
මේ සිදුවීමෙන් කියන්නේ මෙම ආණ්ඩුව බොහෙම සෞඛ්‍ය සම්පන්නයි කියලා.