19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජය විසුරුවාහැරීමට ජනාධිපතිවරයාටත් නොහැකි බවත්, වත්මන් රජය අවුරැදු හතරාමාරකට බිඳ දැමිය නොහැකි බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
වැලිමඩදී ඊයේ (20දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
"සමහරුන් තුළ වැරදි මතයක් තියෙනවා මේ ආණ්ඩුව සතියෙන් දෙකෙන් බංකොලොත් වෙලා බිඳ වැටෙයි කියලා. හැබැයි ඒක හීනයක් විතරයි. මේ රජය තව අවුරුදු හතරාමාරකට වට්ටන්න බෑ. මේ රජය විසුරුවන්න ජනාධිපතිතුමන්තටත් බලයක් නෑ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒක ස්ථාපිත කරලා ඉවරයි. විසුරුවනවානම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ඕන" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.