බුලත් කොළය මන්ත්‍රී ධුර 06 ක් අහිමි කරගනී
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඌව පළාතේ ජය හිමිව තිබුණත් පසුගිය පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව ඡන්ද 69000 ක් අඩුවී, මන්ත්‍රී ධුර 06 ක් අහිමි වී ගොස් තිබේ.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 4189906 ක් ලැබී තිබුණත් එම සංඛ්‍යාව මෙවර ඡන්ද 349906 ක් දක්වා පහත වැටී ඇත.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක් මන්ත්‍රී ආසනයක් හිමිව තිබූ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන දෙකක් දක්වා වර්ධනය වී තිබෙන අතර, ඔවුන්ගේ ඡන්ද පදනමත් ඡන්ද 21941 කින් ඉහළ ගොස් තිබේ.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 14639 ක් හිමිව තිබූ අතර, එම ප්‍රමාණය මෙම පළාත් සභා මැතිවරණයේදී 36,580 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 1456629 ක්ව මන්ත්‍රීධූර 07 කින් වර්ධනය වී තිබෙන අතර, පසුගිය පළාත් සභාවේදී එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව 129144 ක් වූ අතර, මෙවර එම ඡන්ද ප්‍රමාණය 274773 ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
