“විධායක ජනාධිපති ක්රමය අහෝසි කරනවා කියලා පොරොන්දු වෙලා ඡන්දෙ අරගෙන දැන් කියනවා විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන්නේ නෑ කියලා. ශ්රී ලංකා නිදහස් පක්ෂයත් කියනවා විධායක ජනාධිපති ක්රමය ඕනෑ කියලා. බොරු පොරොන්දු දීලා ඡන්දෙ ගන්න එපා කියලා මම කියනවා” යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05දා) සවස කොලොන්න කලුගල දී පැවසීය.
උත්සවය අමතමින් කතා කළ මහින්ද රාජපක්ෂ මහතා:
“මහානායක ස්වාමීන් වහන්සේලා විසින් දෙනු ලබන අනුශාසනා පිළිබඳව තුට්ටුවකට සලකන්නේ නැති රජයක් තියෙන අවස්ථාවක්. ගොවි පුතෙක් රජවුණාම අපි හිතුවේ ගොවියට හො ඳ කාලයක් ඇතිවෙයි කියලා. මුලින්ම ලක්ෂ 04ක් කුඹරු කිරීම ජලය නොදී බලහත්කාරයෙන් නැවැත්තුවා. එහෙම නවත්වපු නිසා තමයි අපිට පිටරටින් හාල් ගේන්න සිදුවෙලා තියෙන්නේ.
නමුත් අපි ගුවන් විදුලිය අහගෙන ඉන්නවිට කියන්නේ මම අහවල් රටින් හාල් ඉක්මනට ගේනවා කියලා. හාමුදුරුවනේ ඒක ආඩම්බර වෙන්න දෙයක් නෙමෙයි. පිටරටින් හාල් ගෙන්න කාටත් පුලුවන්. බොහොම පහසු වැඩේ. නමුත් පිටරටින් මෙච්චර කලක් ගෙනාපු හාල් ප්රමාණය අපි නවත්වලා මේ රටේ ගොවියා හාල් පිටරට යවන යුගයක් අපි බිහිකළා. අන්න ඒ යුගය නැවත ආපස්සට හැරවීම තමයි අපිට තියන කණගාටුව.”
අජිත්ලාල් ශාන්තඋදය, කොලොන්නේ ජේ. නානායක්කාර සහ ඇඹිලිපිටිය විජය විදානපතිරණ