යහපාලන ආණ්ඩුව නිවැරදි මාවතට ගැනීමට රටේ මහජනතාව හැකි උපරිම ප්‍රමාණයෙන් ආණ්ඩුවට බලකළ යුතු බවත්, එසේ නොවුවහොත් ආණ්ඩුව නොසිතන ආකාරයේ ගමනක් ගොස් නවතිනු ඇති බවත් පුරවැසි බලය සාමාජික ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.
පැතූ යහපාලනය මේකද? මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය සහ පුරවැසි බලය සංවිධානය විසින් සංවිධාන කරන ලද කතිකාවක් අමතමින් අද (21දා) කොළඹ මහජන පුස්තාකාලයේදී ඔහු මේබව ප්‍රකාශකළේය.
ඒ හේතුවෙන් පාලකයන් සිදුකරන වැරදි ප්‍රසිද්ධියේ පෙන්වා දිය යුතු බවත්, ආණ්ඩුවට බලකිරීම සහ මහජන අවධානය ලබාගැනීම වෙනුවෙන් තම සංවිධානය දිවයින පුරා මෙවැනි දේශන පවත්වන බවත් වියන්ගොඩ මහතා කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසුවේරාජ්ය නිලධාරීන් තමන් කිසියම් වරදකට සැබැවින්ම දායක වී ඇත්නම් හෘදසාක්ෂියට එකඟව සත්‍යගරුකව පෙනී සිටිය යුතු බවයි. එසේ නැතිව සිවිල් බලය අතට ගෙන පරීක්ෂණ අඩාළනොකළ යුතු බවද ඔහු කියා සිටියේය.
කැබිනට් අමාත්‍යවරයෙකු විසින්නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු මන්දගාමී කරන බව මේවනවිට පැහැදිලි වී තිබෙන බවත්,නීතිය පිළිබඳ හොඳින්ම දන්නා පුද්ගලයන් යැයි කියාගන්නා ඔවුන් විසින් නීතිය අවභාවිත කිරීම බරපතළ වරදක් වන අතර,මහජන වරමින් පැමිණ නීතිය අවභාවිත කිරීමට ඉඩ නොදිය යුතුයි යැයිද හෙතෙම අවධාරණය කළේය.
මහබැංකු අධිපතිවරයා පිළිබඳව ආණ්ඩුව ගන්නා තීරණය යහපාලනයේ ඉදිරිගමන්මග පෙන්වනු ඇති බවත්, කෙසේ වුවද ආණ්ඩුවේ සියලු කටයුතු දෙස දැඩි විමසිල්ලෙන් සිටින බවත් විජේසූරිය මහතා එහිදී කීය.
මෙම කතිකාවත සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය සහ පුරවැසි බලය සංවිධානය නියෝජනය කරමින් කථිකයෝ රැසක් සහභාගිවූහ.