ඌව පළාත් සභා මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂයට ලැබී තිබුණු ඡන්ද 45,000 ක් පමණ ආණ්ඩුව විසින් හොරකම් කළ බවත්, මේ පිළිබඳව හෙට දිනයේදී මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරන බවත් එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ප්රජාතන්ත්රවාදී පක්ෂයට ලැබීමට නියමිත මන්ත්රී ධුරයක් අහිමි කිරීමට ආණ්ඩුවේ වැඩපිළිවෙළක් දියත් වන බවට මැතිවරණයට දින තුනකට පෙර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් තමාට දැනගැනීමට ලැබුණු බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.
මැතිවරණ ප්රචාරණ කටයුතුවලදී ලැබුණු ජනතා ප්රසාදය සැලකීමේදී මෙම මැතිවරණ ප්රතිඵලය පිළිගැනීමට නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.