ශ්‍රී ලංකා ඉතිහාසයට පමණක් නොව ලෝක ඉතිහාසයටම නව පරිච්ඡේදයක් එක් කරමින් ජන සටන පාද යාත්‍රාව සාර්ථකව නිම වූ බවත්, වර්තමාන ආණ්ඩුව ගෙදර යවන ඊළඟ අදියරට ආත්ම විශ්වාසයෙන් යුතුව සූදානම් බවත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (04දා) පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.