www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
ආණ්ඩුවට හොඳ දෙයක් කිව්වත්,නරක දෙයක් කිව්වත් අබමල් රේණුවක තැකීමක් නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) පැවසීය.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ පැවැති ‘වියවුල සහ ස්ථාවරත්වය’කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීමෙන් පසු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
“අයවැය ගැන දේශපාලඥයන් කියන එකට වඩා ජනතාවගේ පැත්තෙන් මොනවද කියන්නේ කියලා අපි බලන්න ඕන.අද අපි කිව්වම දෙයක් මේ ආණ්ඩුව ඇහුම්කන් දෙන්නෙ නෑ.ඒක දේශපාලඥයෙක් කියන දෙයක් විදියට සලකන්නේ.
හොඳ දෙයක් කිව්වත්,නරක දෙයක් කිව්වත් එයාලා ඒ ගැන අබමල් රේණුවක තැකීමක් නැහැ.නමුත් ඒකෙන් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව විඳින දුක පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැතිකමයි.මේ අයවැයෙන් තව තවත් පීඩනයට පත්වෙනවා මිසක් ඔවුන්ට ඒකෙන් ගැලවීමක් නැහැ” යනුවෙන් පවසා සිටියේය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd