ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව නැවත මෙමස 09 දා රැස්වීමට තීරණය කරතිබේ. අප්‍රේල් මස සම්මත කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පළමු වරට ඊයේ(03) හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක කාර්යාලයේදී පැවැත්විණි.
කතානායක චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු පක්ෂ නියෝජනය කරමින් විජයදාස රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න, ආර්. සම්බන්ධන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වුහ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා 17 වන සංශෝධනය යටතේ පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියා පටිපාටිය අධ්‍යයනය කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.
ස්වාධින කොමිසම් පිහිටුවීම කඩිනම් කිරීම සඳහා කමිටු සාමාජිකයින් පත් කිරීමේ ක්‍රමවේදය හා නිර්ණායක අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවයද එතුමා වැඩි දුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තාවකාලික මහා ලේකම් ධුරයට පත් කිරීමට සභාව තීරණය කළේය.
සිවිල් මහජන නියෝජිතයන් තිදෙනෙකු පත් කිරීම සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් ගැනීමට ද මෙම සභාව තීරණය කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මසකට දෙවරක් රැස්විය යුතු අතර මීළඟ රැස්වීම ජුලි 09 වන දා කතානායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.