ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදය සිවුවැනි දිනයටත් හෙට (02දා) පවත්වන බව ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා අද (01දා) ව්‍යවස්ථා සභාවට දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සහ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තවත් මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වීමට සිටින බවත්, ඒ සඳහා කාලය ලබාදීමට අවශ්‍ය බැවින් මෙලෙස විවාදයේ කාලසීමාව දීර්ඝ කළ බවත් කරු ජයසූරිය මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා විවාදය නොවැම්බර් මස 30 වැනිදා ආරම්භ වූ අතර, එය දින තුනක් පැවැත්විණි.