ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ පදනම් ලියවිල්ලක් සකසා නෑ
ව්‍යවස්ථාවට එක් එක් ආකාරයේ වගන්ති ඇතුළත්ව ඇතැයි යන ප්‍රකාශවල පදනමක් නෑ
- අග්‍රාමාත්‍ය කාර්යාලය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ ඒ පිළිබඳ පදනම් ලියවිල්ලක් මෙතෙක් සකස්කර නොමැති බවත් එවැනි තත්ත්වයක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් එක් ආකාරයේ වගන්ති ඇතුළත් වී ඇතැයි සිදුකෙරෙන ප්රකාශයන්හි කිසිදු පදනමක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සමාජය පුරා විවිධ දුර්මත පැතිරවීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් මෙතෙක් සාකච්ඡා කර ඇත්තේ මැතිවරණ ක්‍රමය, පළාත් සභා වෙත බලය බෙදාදීමේ ලයිස්තු සහ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව පමණක් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විශේෂයෙන්ම බුදු දහම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගන්ති වත්මන් ආණ්ඩුව සංශෝධනය කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදුකරන බවට පළ කෙරෙන මත සම්පූර්ණයෙන්ම සාවාද්‍ය බවත් ථේරවාද බුදුදහම ආරක්ෂා කර පෝෂණය කිරීම සඳහා වූ වගකීම නිරන්තරයෙන්ම රජය විසින් දරනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කර තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමක් සිදුකරනු අතර, එහි අරමුණ වූයේ ව්‍යවස්ථාව සෑදීම සඳහා ජනතා නියෝජනයක් ලබාගැනීම සඳහා බවත්, එම අදහස් සහිත වාර්තාව ප්‍රසිද්ධ කර තිබුණද එය ව්‍යවස්ථා කෙටුම්පත නොවන බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු අනුකමිටුව වෙත එම අදහස් ඉදිරිපත් කරනු ඇති බවත්, රටේ අනාගත සුබසිද්ධියට හා අනාගතයට ගැළපෙන ජනතා අදහස් ව්‍යවස්ථා සම්පාදනයේදී සැලකිල්ලට ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.