නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු එය අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මතකර ගැනීමට පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී තීරණය කළහ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ පක්ෂ නායකයෝ මෙම තීරණයට එළඹිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යටතේ පිහිටුවන ලද අනුකාරක සභා හයේ වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉදිරිපත් කළේය.
මූලික අයිතිවාසිකම්, අධිකරණ, මුදල්, මහජන ආරක්ෂාව නීතිය හා සාමය, රාජ්‍ය සේවය සහ මධ්‍යම හා රාජ්‍ය පර්යන්ත යන අනුකාරක සභා හයේ වාර්තා මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
පුද්ගලයන්, සංවිධාන සහ දේශපාලන පක්ෂ හමුවී ලබාගත් අදහස් හා යෝජනා අනුව මෙම අනුකාරක සභා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන තොරතුරු ඇතුළත් වාර්තා හය සකස්කර ඇත.
මෙහිදී විධායක ජනාධිපතිධූරය පිළිබඳ විකල්පයන් තුනක් ඉදිරිපත්ව ඇතැයිද ඒ පිළිබඳ ජනතාවගේ සහ පාර්ලිමේන්තුවේ අදහස් මත සුදුසු විපක්ලයක් තෝරාගන්නා බවද අගමැතිවරයා කමිටු වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව දැනට රැස්වීම් වාර හතළිහක් පවත්වා ඇති අතර,එහිදී පළමු සහ දෙවැනි ඡේද වන ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ආගම පිළිබඳ සාකච්ඡා කළ බවද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.