ඌව පළාත් සභා මන්ත්රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුපක්ෂයට සහයදීම තුළින් ඌව පළාත් සභාවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්රීවරුන්ගේ කලකිරීම තවදුරටත් ඉහළ ගොස් ඔවුන් එක්සත් ජාතික පක්ෂයට ඉතා ඉක්මනින් සහය පළකරනු ඇතැයි ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප්රනාන්දු මහතා අදට පැවසුවේය.
ඊයේ රාත්රියේදීද තිස්සකුට්ටිආරච්චි මන්ත්රීවරයා එක්සත් ජාතික පක්ෂය හැරනොයන බවට තමන් හා පැවසූ බව පෙන්වා දුන් හරීන් ප්රනාන්දු මහතා ගරා වැටෙන ආණ්ඩුවක වරප්රසාද ලබාගැනීමට තරම් ඔහු ළාමක දේශපාලනඥයෙකු වූ බවද සඳහන් කළේය.