පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා ආචාරධර්ම පද්ධතියක් කඩිනමින් කි‍්‍රයාකළ යුතු බව ආයෝජන සහ ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. අද( 23) සිරිකොත මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව පැවසීය. පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය කිරීමේ ආයතනය බවත් ඒසදහා තේරීපත්වන්නන්ගේ චර්යා ධර්ම මැනවින් පැවතිය යුතුබවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේවෙතත් දේශපාලනඥයින්ගේ හැසිරීම් දිනෙන් දින පිරිහෙමින් ඇති බවත් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා අග්‍රාමාත්‍යවරයාට අසභ්‍ය වචනයෙන් බැනවැදීම ඊට ආසන්නතම උදාහරණය බවද මෙහිදී ප්‍රකාශ විය. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා ආචාරධර්ම පද්ධතියක් හදුන්වාදීමෙන් මෙවැනි හැසිරීම් යම් තරමකට හෝ පාලනය වනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.