ආගම් පාදක කරගත් ගැටුම් ශ්රී ලංකාව තුළ සිදු නොවූ බවත්, සුළු සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වූ බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ලෝක තරුණ සමුළුවට සමගාමීව ජනපතිවරයා සිය ට්විටර් ගිණුම හරහා සිදුකළ ප්රශ්න උත්තර සාකච්ඡාවේදී ශ්රී ලංකාවේ ආගම් අතර සිදුවන සිදුවීම් පිළිබඳව යොමුකළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා මෙම අදහස් ප්රකාශ කළේය.
එසේම මහපොළ ශිෂ්යාධාරයේ වැඩිවීමක් පිළිබඳව අවධානය යොමුකරමින් සිටින බවද ජනපතිවරයා පැවසීය.