ආගමන විගමන නිලධාරීන් නිහඬ විරෝධතාවක
ශ්‍රී ලංකා ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ පිරිසක් ඉල්ලීම් 03ක් මුල් කරගනිමින් අද (17දා) දහවල් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැවති මෙම විරෝධතාවට ආගමන - විගමන නිලධාරීහු 200ක් පමණ එක්ව සිටියහ.
ආගමන - විගමන සේවාව සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, විදේශ දූත මණ්ඩල සඳහා ආගමන - විගමන නිලධාරීන් අනුයුක්ත කිරීම සහ දෙපාර්තමේන්තු නඩු පැවරීමේ අංශය නැවත ස්ථාපිත කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කරන බව ශ්‍රී ලංකා ආගමන - විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුර කණුගල මහතා පැවසීය.
මේ අතර දිවයිනේ සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙන්ම සියලුම වරායවලද අද මධ්‍යම රාත්‍රී 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට නියමිත බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

