ආක්ටික් හා ඇන්ටාක්ටික් සාගරවල අයිස් තට්ටු පිළිබඳ දත්ත එක්රැස් කිරීම ඇරඹූදා සිට මේ දක්වා වූ කාලයේ පෙර නොවූවිරූ පරිදි එම අයිස් අඩුවීමක් මෙම වසරේදී වාර්තා වන බව විද්‍යාඥයෝ පවසති.
නාසා විද්‍යාඥයන් සම්බන්ධ වෙමින් සිදුකරන මෙම නිරීක්ෂණයේදී ආක්ටික් හා ඇන්ටාක්ටික් සාගරවල අයිස් තට්ටු වාර්තාගත අඩුවීමක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට පෙන්නුම් කර තිබේ. එහිදී, ඔවුන් මේ පිළිබඳ මුල්ම අධ්‍යයනය සිදුකර ඇත්තේ වර්ෂ 1979 වසරේදීය.
මේ ආකාරයෙන් සාගරයේ අයිස් තට්ටු අඩුවීම දේශගුණික විපර්යාසවල වඩාත් පැහැදිලි තත්ත්වයක් බවත්, විශේෂයෙන්ම ආක්ටික් කලාපය තුළ මෙය දරුණු තත්ත්වයක් වන අතර, මේ තුළින් ලොව පුරා කාලගුණයේ සුවිශේෂී වෙනස්කම් සිදුවිය හැකි බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.
1984 සැප්තැම්බර් ආක්ටික් සාගරයේ අයිස් තට්ටු
2016 සැප්තැම්බර් ආක්ටික් සාගරයේ අයිස් තට්ටු අඩුවීම