විදේශීය තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා ලබාදීමේ පූර්ණ බලතල ආගමන පාලකවරයා වෙත ලබාදීමට අවශ්‍ය නීතිමය කටයුතු රජය විසින් සම්පාදනය කරන බවට රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ගේ සංගමය පවසයි.
මෙමගින් නොයෙකුත් අවභාවිතවන් සඳහා නීත්‍යානුකූලවම ඉඩ ලබාදෙන බව එම සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.
නීතික්රමවේදය තුළ අත්‍යවශ්‍යයෙන්ම අන්තර්ගත විය යුතු ක්‍රියාදාමයන් ඉවත් කිරීම මගින් රටේ ජාතික ආරක්ෂාව පවා අනතුරේ හෙළීමක් ලෙස මෙම සංගමය පෙන්වා දේ.
ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා පත්කළ මහාචාර්ය ලක්ෂ්මන් කොමිසමට අදහස් දැක්වීමට මෙරට වෘත්තිකයන් කළ ආරාධනය පිළිනොගත් රාජ්‍ය ඇමතිවරයා කළ මෙම ආන්දෝලාත්මක ප්‍රකාශය තරයේ හෙළා දකින බව එම සංගමය වැඩිදුරටත් පවසයි.
ඒ වෙනුවට රජයේ අවධානය යොමුවිය යුත්තේ මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් දියුණු රටවලට යවා විදේශ විනිමය වැඩියෙන් රට තුළට ගෙන එන ආකාරය පිළිබඳව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.