වත්මන් යහපාලන ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් පිරිස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට තීරණය කර තිබේ.
එම තීරණාත්මක සාකච්ඡාව අද (06දා) සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය ආමාත්‍යවරුන් 12 දෙනෙකු මෙසේ ආණ්ඩුවන් ඉවත්වීමට නියමිත අතර ඔවුහු ජනපතිවරයා හමුවීමට තීරණය කර තිබේ.
එම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ජනපතිවරයා දැනුවත් කිරීම මෙම හමුවේ අරමුණ වෙයි.