බීමතින් තමන් විසින්ම උදරය කපාගත් පුද්ගලයකු අද (08දා) අළුයම අහංගම රෝහලට පැමිණ එහි වෛද්‍යවරයාට බැන තර්ජනය කිරීම හේතුවෙන් එම රෝහලේ නේවාසික රෝගින් ඉමදුව රෝහලට යැවූ වෛද්‍යවරයා අහංගම රෝහල වසා දමා පොලීසියට පැමිණිලි කැර ඇත.
දරුණු කැපුම් තුවාලයක් සහිතව අහංගම රෝහලට පැමිණි තුවාලකරු ගිලන් රථයකින් කරාපිටිය රෝහලට යැවීමට සූදානම්වෙද්දී තුවාලකරු සහ ඔහු සමග පැමිණි පිරිස තමන්ට තර්ජනය කරමින් බැණ වැදුණු බව වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත.
රාතී‍්‍ර කාලයේ රෝහලට පැමිණෙන මෙවැනි රෝගීන් දිගින් දිගට ම වෛද්‍යවරුන්ට තර්ජනය කිරීම හා රාජකාරියට බාධා කිරිම් සිදුවන බව ද වෛද්‍යවරු කියති.
තුවාලකරු සමග කරාපිටිය රෝහලට පැමිණි පුද්ගලයන් තිදෙනකු කරාපිටිය රෝහල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අහංගම පොලීසියට භාර දී ඇත. කරාපිටිය රෝහලට පැමිණි තුවාලකරු ආගිය අතක් නැතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. අහංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.