(UPDATE) 17.30 PM ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ක්‍රීඩා පිටිය තුළට නිරුවතින් පැමිණ අශෝභන ලෙස හැසිරුණු ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්තයේ පදිංචි ඇලෙක්සැන්ඩර් ජේම්ස් නම් පුද්ගලයාට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 3000ක දඩයක් හා දවස් හතක සුළු වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (26දා) වාර්ෂාව හේතුවෙන් තරගය නවතා දමා තිබියදී, ක්‍රීඩාංගණය මැදට නිරුවතිල් පැමිණ අශෝභන ලෙස හැසිරුණු විදෙස් ජාතිකයාව අත්අඩංගුවට ගැනීමට ක්‍රීඩාංගණ ආරක්ෂක නිලධාරීන් ඊයේ (26දා) දිනයේදීම කටයුතු යොදා ඇත. මේ වනවිට ඔහු අත්අඩංගුවේ පසුවන අතර, අද (27දා) අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
ඡායාරූප - ලක්රුවන් වන්නිආරච්චි ෆේස්බුක් ගිණුම ඇසුරෙනි