බෞද්ධාගමට අගෞරවයක් සිදුවන අයුරින් බුදුරුව සහිත ඡායාරූප පළ කිරීම පිළිබඳව අස්ගිරි මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත හිමි විසින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (17 දා) සංදේශයක් භාරදුන්හ.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගැනීම සඳහා ජනපති අද (17 දා) මහනුවරට පැමිණි අතර, එහිදී අස්ගිරි මහානායක හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙම සංදේශය ජනපතිට භාරදුන්හ.