අපවත්වී වදාළ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ අපවත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාව මෙන්ම සමස්ථ ලෝකවාසීන්ම දැඩි සංවේගයකට පත්ව තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳව පැවැති පූජෝත්සවයේ ගුණකතනයක් සිදුකරමින් ජනපති මෙම අදහස් දැක්වීය.
එසේම අස්ගිරි මහ නා හිමියන්ගේ ආගමික, සමාජීය හා ශාසනික සේවයට සමස්ත ලෝක වාසීන්ගේ ආශීර්වාදය ලැබුණ බවත් හෙතෙම සඳහන් කළේය.
මහ නාහිමියන්ගේ භික්ෂු දිවිපෙවත තරුණ භික්ෂූන්ට ආදර්ශයක් බව පෙන්වාදුන් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහ නාහිමයන් සමාජය වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ බවයි.